මෙල්බන් හි පිහි ඇනුම් – හතර දෙනකුට තුවාල

මෙල්බන් හි පිහි ඇනුම් කිහිපයකින් හතර දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසනවා.

කාන්තාවක ද ඇතුළු හතරදෙනා රෝහල් ගත කර ඇති අතර කාන්තාවගේ තත්වය බරපතල බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙන්නේ.

සෙසු පුද්ගලයන්ට සුලු තුවාල සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

පැය තුනක් ඇතුළත ස්ථාන කිහිපයකදී එල්ල කරන ලද පිහි ප්‍රහාර සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියා පොලීසිය සමත් වුණා.

මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙය හුදකලා සිද්ධියක් වන අතර, ත්‍රස්තවාදී ක්‍රියාවලියක් නොවන බව යැයි පොලීසිය පෙන්වා දෙනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බැවින් මහජනතාවට ඔහුගෙන් නැවත තර්ජනයක් නැතැයිද පෙන්වා දෙන පොලීසිය, සිදුවීම් පිළිබඳ තොරතුරු සපයන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »