ග්‍රේටර් සිඩ්නි හි මුහුණු ආවරණ පැළඳීමේ නීතිය ක්‍රියාත්මක වන අතරේ පොදු ප්‍රවාහන සේවය විසින් මුහුණු ආවරණ නොමිලේ බෙදා දීමට කටයුතු සලසා ඇත​.

ග්‍රේටර් සිඩ්නි හි මුහුණු ආවරණ පැළඳීමේ නීතිය ක්‍රියාත්මක වන අතරේ පොදු ප්‍රවාහන සේවය විසින් මුහුණු ආවරණ නොමිලේ බෙදා දීමට කටයුතු සලසා ඇත​.

අද මධ්‍යම රාත්‍රියේ සිට, ග්‍රේටර් සිඩ්නි හි පොදු ගෘහස්ථ ස්ථානයන්හි මුහුණු ආවරණයක් පැළඳ නොසිටින පුද්ගලයන්ට පොලීසිය විසින් ඩොලර් 200 ක දඩ මුදලක් නියම කළ හැකිය.

ග්‍රේටර් සිඩ්නි හි (Wollongong, Central Coast සහ Blue Mountains ඇතුළුව) සියලුම වෙළඳසැල්, පොදු ප්‍රවාහන, සිනමාහල්, පූජනීය ස්ථාන, හිසකෙස් හා රූපලාවණ්‍ය ව්‍යාපාර සහ වයස්ගත සත්කාරක පහසුකම්වල මුහුණු ආවරණ අනිවාර්ය වේ.

මුහුණු ආවරණය නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඇති, ආධාර නොමැතිව මුහුණු ආවරණය ඉවත් කළ නොහැකි අයට සහ බිහිරි අයට සහ සන්නිවේදනය සඳහා මුඛය භාවිතා කරන අයට මෙන් ම වයස අවුරුදු 12 ට අඩු ළමයින්ට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්‍ය නොවේ.

මුහුණු ආවරණ පැළඳීම ඊයේ දිනයේ සිට අනිවාර්‍ය කර තිබුනද දඩ නියම කිරීමට පැය 24ක සහන කාලයක් දී තිබුණා.

කෙසේ වෙතත්, නිව් සවුත් වේල්ස් ප්‍රාන්‍තයේ පොදු ප්‍රවාහන සේවය විසින් මුහුණු ආවරණ පැළඳීම දිරිගැන්වීම සඳහා මඟීන් හට නොමිලේ මුහුණු ආවරණ බෙදා හැරීමට කටයුතු සලසා ඇති බව සඳහන් වේ.

විශේෂයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දැඩි අවදානම් කලාපයන්හි පොදු ප්‍රවාහන කාර්‍ය මණ්ඩල විසින් මෙම ක්‍රියාව දැනටමත් ආරම්භ කොට ඇත.

තවද​, සිල්ලර වෙළෙන්දන් සහ පල්ලි වලින් මෙලෙස මුහුණු ආවරණ බෙදා හැරීමට දායකත්වය ලබා දී ඇති බවට සඳහන් වේ.

උතුරු වෙරළ තීරයේ බී-ලයින් මාර්ගය, Manly wharf, Central Station සහCircular Quay බස් නැවතුම් පොළවල්වල මුහුණු ආවරණ බෙදා හැරීමට දැනටමත් කටයුතු සලසා ඇති බවට සඳහන්.

(ABCNews)

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් ඇතුලු කණ්ඩායමකින් energy-‘smart ගඩොල්

ඔස්ට්‍රේලියාවේ තාක්‍ෂණ, සැලසුම් සහ ව්‍යවසාය පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය වන RMIT විසින් සිදු කළ නවතම පර්යේෂණයක් සඳහා ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් ද එක්ව තිබෙනවා.

Read More »