පලස්තීන ධජය Dandenong හි

වික්ටෝරියාහි Dandenong පාලන සභාව අභියස පලස්තීන ධජය ඔසවා තිබෙනවා. 

ඒ ගාසා ගැටුමෙන් පීඩාවට පත් සාමාන්‍ය වැසියන් වෙනුවෙන් බවයි වාර්තා වෙන්නේ.

ධජය ඔසවන අවස්ථාව උත්සවශ්‍රීයක් ගත් අතර විශාල පිරිසක් ඊට සහභාගී වී සිටි බවද සඳහන් වෙනවා. 

මීට පෙර සිඩ්නි හි කැන්ටබරි – බෑන්ක්ස්ටවුන් පලාත් පාලන ප්‍රදේශයේද පලස්තීන ධජය එසවීමට පියවර ගැනුණා. 

එහිදී නගර සභාවේ සියලු සාමාජිකයන් ඒකමතිකව තීරණයට එළඹි බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව මේවනවිට ගැටුම්වලින් පීඩාවට පත් ගාසාහි සාමාන්‍ය වැසියන් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ පළාත් පාලන ආයතන තුනක් පලස්තීන ධජය නිල වශයෙන් ඔසවා තිබෙනවා. 

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »