Search

අධ්‍යාපන ගුණාත්මය වර්ධන වැඩසටහන්

වෘත්තීය අධ්‍යාපන හා  පුහුණු ආයතන රැසක් වසා දැමීමට ඔස්ට්‍රේලියා රජය මැදිහත් වී තිබෙනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන බවයි රජය සඳහන් කළේ.

ඒ යටතේ ගුණාත්මක බවින් තොර, ප්‍රමිතියක් නොමැති වෘත්තීය පුහුණු හා අධ්‍යාපන ආයතන වසා දැමීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

නව රජය බලයට පත්වීමත් සමග එවැනි ආයතන සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග විශාල සංඛ්‍යාවක් හඳුන්වා දී තිබෙනවා.

අනුගත නොවන ආයතන වසා දැමීමට රජය මැදිහත් වන බවයි ඔස්ට්‍රේලියා නිපුණතා තත්ත්ව අධිකාරිය පවසන්නේ.