වික්ටෝරියා මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වික්ටෝරියා පොලිසිය පවසනවා. 

නත්තල් සමයට පෙර ආරම්භ කරන ලද  මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකයි.

මේ වනවිට මත්ද්‍රව්‍යවලට සම්බන්ධ ජාවාරම්කරුවන් හතළිස් දෙනෙකුට වැඩි පිරිසක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින්, ගංජා සහ වෙනත් මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් හා භාවිත කරන්නන් ද ඒ අතර සිටින බවයි පොලිසිය පවසන්නේ.

මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය පැදවීමේ සිදුවීම් ද වාර්තා වී තිබෙනවා. 

එවැනි ක්‍රියා පාලනයෙන් සාමන්‍ය ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බවයි වික්ටෝරියා පොලිසිය සඳහන් කරන්නේ.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »