වික්ටෝරියාට කාලගුණ අනතුරු

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ ගණනාවකට ධාරානිපාත වැසි සහ දැඩි සුළං ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

සවස් කාලයේ දී තත්ත්වය වර්ධනය වීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි කාලගුණ අංශ පෙන්වා දෙන්නේ.

හදිසි ජලගැලීම්ද ඇතිවීමේ අවස්ථාවක් පවතින බවයි කාලගුණ දත්ත අධ්‍යයනයේදී හෙළි වී ඇත්තේ.

රාත්‍රියේ සිට මිලිමීටර් දෙසිය ඉක්මවූ වැසි ලැබෙනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඒ අනුව කාලගුණ තත්ත්ව පිළිබඳව වික්ටෝරියා ප්‍රාන්තයේ ජනතාව අවධානයෙන් සිටිය යුතු බවට අනතුරු අඟවා තිබෙනවා.

ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව වැලි කොට්ට රැස්කිරීමේ ක්‍රියාවලියක් ඊයේ ආරම්භ කෙරුණා. 

හදිසි ජලගැලීම් වලින් විපතට පත්වීම අවම කිරීම සඳහා එම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත හදිසි සේවා ප්‍රධාන නිලධාරි ටිම් වීබුෂ් සඳහන් කරන්නේ.

හදිසි අවස්ථාවකට මුහුණදීම සඳහා වික්ටෝරියා හදිසි සේවය සූදානම් බවද ඔහු අවධාරණය කළා.

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »