බන්දුගේ නඩුවෙන් බිංදු නිදහස්

ප්‍රවීණ චිත්‍රපට නළු බන්දු සමරසිංහගේ රංගනයන් අනුකරණය කළ බවට චෝදනා එල්ල වූ බිංදු බෝතලේගම බුද්ධිමය දේපළ පනත යටතේ ගොනුකර තිබූ නඩුවෙන් නිදහස් කර තිබෙනවා.

නඩුව ගොනු කරමින් සමරසිංහ චෝදනා කළේ ඩුප්ලිකේට් බන්දු නමින් ප්‍රසිද්ධ බිංදු බෝතලේගම චිත්‍රපටයක ඔහුගේ හැසිරීම් රටාව සහ කටහඬ ඇතුළු රංගනයන් අනවසරයෙන් අනුපිටපත් කර ඇති බවයි.

කෙසේ වෙතත්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය එම නඩුවෙන් බිංදු බෝතලේගම නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම මත බිංදු බෝතලේගම ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කර ඇති බවයි.

වසර අටක නඩු විභාගයකින් පසුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බවයි සඳහන් වෙන්නෙ.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »