විදේශ සිසුන්ට ඔස්ට්‍රේලියාවෙන් පූර්ණ ශිෂ්‍යත්ව

2024 ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ විදේශ සිසුන් සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානයට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව සමග සහයෝගීතාව සහිත රටවල් සහ ඉන්දු ශාන්තිකර කලාපීය රටවල් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානයටයි සැලසුම් කර තිබෙන්නේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල් කෙරෙහි ද අවධානය යොමුකර ඇති බවයි, ඔස්ට්‍රේලියා විදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසන්නේ.

තාක්ෂණික ක්ෂේත්‍රය ප්‍රමුඛව වැඩිදුර අධ්‍යාපනය සඳහා උපාධි සහ පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

අධ්‍යයන සියලු ගාස්තු නිදහස් කිරීමත්, ජීවන වියදම් දීමනාවක් ලබාදීමත්, වෛද්‍ය රක්ෂණයක් සැලසීමත්, අයකිරීමකින් තොර පූර්ව ඉංග්‍රීසි පාඨමාලාවක් ලබාදීමත් සිසුන්ට ප්‍රතිලාභ බවයි ඔස්ට්‍රේලියාව සඳහන් කරන්නේ.

Link –  https://bit.ly/australia-awards-scholarship

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »