නිවාස අර්බුදයට නිසි සැළසුමක් නොමැති බවට චෝදනා

ඔස්ට්‍රේලියාවේ දීර්ඝකාලීන ගැටලුවක් වන නිවාස අර්බුදය විසදීම සඳහා රජයට නිසි සැළසුමක් නොමැති බව නැෂනල්ස් පක්ෂය චෝදනා කරනවා.

නැෂනල්ස් පක්ෂ නායක ඩේවිඩ් ලිට්ල්ප්‍රවුඩ් පවසන්නේ 2027 වසර වන විට නිවාස 170000 ක් ළඟා කර ගැනීමේ ඉලක්ක වත්මන් රජයට සපුරාගත නොහැකි බවයි.

පවතින තත්වය අනුව ආර්ථික ශක්‍යතාව පහළ පුද්ගලයින් සඳහා තමන්ටම කියා නිවාස ඒකකයක් මිලදී ගැනීමේ කිසිදා යථාර්ථයක් කර ගත නොහැකි බවයි ඩේවිඩ් ලිට්ල්ප්‍රවුඩ් පෙන්වා දෙන්නේ.

දැනට පවතින ක්‍රමවේදය තවදුරටත් වෙනස් නොකරන්නේ නම් නිවාස කුලී අර්බුදය වත්මන් රජයට කිසි දිනෙක විසඳිය නොහැකි බව නැෂනල්ස් පක්ෂය පවසනවා.

ඇන්තනී ඇල්බනීස් ප්‍රමුඛ රජය දෘෂ්ටිවාදී මතවාද සමඟ කටයුතු කරන නමුත් සැලසුම් සහගතව ප්‍රශ්න විසදිමට අපොහොසත් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් කුලී නිවාස අර්බුදය සහ ජීවන වියදම් අර්බුදය තවදුරටත් මෙරට පවතින දීර්ඝකාලීන ගැටලු බවට පත්වනු ඇති.

මේ අතර පසුගිය වසරේ දී අධ්‍යාපනය සඳහා පැමිණි ශුද්ධ සංක්‍රමණිකයින් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවු අතර සංක්‍රමණික ප්‍රමිතීන් පිළිබඳ අධ්‍යයනයක් ද මෙතෙක් සිදු කර නැහැ.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »