NDIS ගැටලුවක්

ජාතික ආබාධිත රක්‍ෂණ යෝජනා ක්‍රමය (NDIS) යටතේ සුලු ආබාධ සහිත දරුවන් ප්‍රධාන ධාරවේ සමාජ පද්ධතියෙන් ඉවත්ව ඇති බව ළමා ඔටිසම් විශේෂඥයින් අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

බොහෝ පාර්ශව මෙම ක්‍රියාවලිය විවේදනය කර ඇති අතර NDIS පවසන්නේ ආබාධිත සහිත පුද්ගලයින් සඳහා තෘප්තිමත් ජීවිතයක් ලබා දීම අදාළ සංශෝධනවල අරමුණ බවයි.

මේ අතර ළමා ඔටිසම් විශේෂඥයින් පවසන්නේ NDIS හි සායනික සැකසුම් තුළ චිකිත්සක සේවා සැපයීම කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇති බවයි.

ජාතික ආබාධිත රක්‍ෂණ යෝජනා ක්‍රමයේ  පවතින අයවැය ගැටලු විසඳීමට අදාළ සැලසුම් ෆෙඩරල් රජය විසින් ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට නියමිතයි.

සංවර්ධන ගැටළු ඇති ළමුන් සඳහා මුල් ආධාරක පද්ධතියක් ස්ථාපිත කිරීම කෙරෙහි ද අවධානය යොමුව තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »