Search

මුදල් රහිත බේකරිය මහජනතාවට

ඔස්ට්‍රේලියාවේ පළමු මුදල් රහිත බේකරිය මහජනතාවට විවෘත කර තිබෙනවා.

බේකරිය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මිල්ටන් වල පිහිටා ඇති අතර හෙරිටේජ් බේකරි ලෙසයි නම් කර ඇත්තේ.

පාරිභෝගිකයින් සඳහා ආරක්ෂාකාරී මෙන්ම කාර්යක්ෂම සේවාවක් ලබා දීම මෙහි අරමුණයි.

විශේෂයෙන්ම බේකරියේ හිමිකරු සඳහන් කළේ රාත්‍රී කාලයේ දී තම බේකරිය විවෘතව පවතින බැවින් මුදල් රහිත ගණුදෙනු හරහා තම කාර්ය මණ්ඩලයේ ද ආරක්ෂාව සහතික කළ හැකි බවයි.

මුදල් ගෙවීම සඳහා අන්තර් ජාල ගණුදෙනු සහ කාඩ්පත් භාවිත කළ හැකි අතර විදුලිය විසන්ධි වු විට ද ගණුදෙනු නිසි ආකාරව කරගෙන යෑමට හැකියාව පවතිනවා.

මුදල් රහිත බේකරිය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු සාමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල කර තිබෙනවා.

විවේචකයින් පෙන්වා දෙන්නේ මෙවැනි ව්‍යාපාර හමුවේ ඉදිරියේ දී මුදල් නෝට්ටු භාවිතය සම්පූර්ණයෙන් ඉවත් වන බවයි.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »