
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 4 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියා පොලීසිය සමත්වුණා.
හෙරොයින්, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් වැටලීමේදී සොයාගැනීමට ද පොලීසියට හැකිව ඇති බවයි වාර්තා වෙන්නේ.
මත්ද්‍රව්‍ය ජාවාරම වෙනුවෙන් භාවිත කට ගිනි අවියක් සහ ජංගම දුරකථන කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.

සැකකරුවන්ට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනෙන අතර මැයි මාසයේ 15 වනදා ඔවුන් ඩැන්ඩෙනොන්ග් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
හෙරොයින් ඇතුළු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමක් වික්ටෝරියා පොලීසිය ආරම්භ කට අතර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම මෙහෙයුමේදී බවයි වාර්තා වෙන්නේ.
