නිරීක්ෂණ රථ නිරීක්ෂණයට රජයට බලපෑම්

අධිවේගී රථවාහන නිරීක්ෂණ කැමරා සහිත මෝටර් රථවල ආරක්ෂාව තහවුරු කිරීමට වික්ටෝරියා රජය පියවර ගත යුතු යැයි අවධාරණය කෙරෙනවා. 

නිරීක්ෂණ නිලධාරීන් කියා සිටින්නේ පසුගිය දින කිහිපය ඇතුළත ප්‍රහාර දෙකක් අධිවේග නිරීක්ෂණ මෝටර් රථ වෙත එල්ල වූ බවයි.

එය තම ජීවිතවලට තර්ජනයක් වනු ඇතැයි ඔවුන් වික්ටෝරියා රජයට පෙන්වා දී තිබෙනවා.

මෙල්බන් උතුරු ප්‍රදේශයේදී අධිවේග නිරීක්ෂණ කැමරා රැගත් රථයකට පුද්ගලයන් පස් දෙනකු ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග ගැටලු සහගත තත්ත්වය මතුව තිබෙනවා.

නත්තල් දිනයට දින කිහිපයකට පෙර ද පාක්විල් ප්‍රදේශයේදී තවත් රථයකට ප්‍රහාරයක් එල්ල වී තිබුණා. 

එවැනි තත්ත්ව පාලනය කරමින් අධිවේගයෙන් ධාවනය වන මෝටර් රථ  නිරීක්‍ෂණය කරන කැමරා සහිත මෝටර් රථ පදවන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට වික්ටෝරියා රජය මැදිහත් විය යුතු බවයි  මෙම්බර්ස් ඔෆ් ද කමියුනිටි ඇන්ඩ් පබ්ලික් සෙක්ටර් යූනියන් හි ප්‍රකාශක ජූලියන් කෙනලි පවසන්නේ.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »