සරණාගත ගැටලුවට ඩොලර් බිලියන ගණනක්

සරණාගත ගැටලුව විසඳීම සඳහා ඔස්ට්‍රේලියා රජයට ඩොලර් බිලියන ගණනක් වැය කිරීමට සිදුවනු ඇතැයි මත පලවෙනවා. 

නවතම දත්ත වලට අනුව මාසිකව දෙදහසක පමණ පිරිසක් ගුවන් යානා මගින් සරණාගතයන් ලෙස ඔස්ට්‍රේලියාවට පිවිසෙන බවයි වාර්තා වී තිබෙන්නේ.

ඊට අවධානය යොමු කරන සංක්‍රමණික දෙපාර්තමේන්තු  හිටපු නිලධාරී අබ්දුල් රිස්වි කියා සිටින්නේ තත්ත්වය පාලනය කිරීම සඳහා රජයෙන් සක්‍රිය මැදිහත් වීමක් අවශ්‍ය බවයි.

සරණාගතයන් සම්බන්ධ ග නව ක්‍රමවේද සැකසීම සඳහා රජය ඩොලර් මිලියන 160 ක් වෙන් කළද එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි හිටපු නිලධාරියාගේ අදහස වී තිබෙන්නේ.

වීසා ලබාදීම සහ සරණාගත අයදුම්පත්‍ර විමර්ශනය විධිමත් හා කඩිනම් කළ යුතු බවත් ප්‍රතිපත්තිමය කරුණු සංශෝධනය විය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු සරණාගතභාවය පතා පැමිණෙන බොහෝ පිරිසක් ව්‍යාජ ලෙස රටට ඇතුළුවන බවටයි චෝදනා නැගෙන්නේ. 

දත්ත අනුව තහවුරු වන්නේ ඔස්ට්‍රේලියාවට ඇතුළුවන වැඩි පිරිසක් නියෝජනය කරන රටවල් වල  කිසිදු ව්‍යාකූලත්වයක් හෝ ගැටුම් නොමැති බවයි.

ඒ නිසා සරණාගතයන් ලෙස සැලකීම පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු බවයි අවධාරණය කෙරෙන්නේ.

මේ අතර සංක්‍රමණික අමාත්‍ය ඇන්ඩෘ ජයිල්ස් කියා සිටින්නේ මීට පෙර පැවති සන්ධාන රජයේ අවධානයක් නොමැති වීම හේතුවෙන් සරණාගත ගැටලුව වර්ධනය වී ඇති බවයි.

ක්‍රමවේද අනුගමනයට පසුගිය රජය අපොහොසත් වීමත් වීසා ක්‍රියාවලිය දුර්වල වීමත් පවතින තත්ත්වයට හේතුව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල්වල විශේෂ වට්ටම් ගන්න ගිහින් ඔබත් මේ වංචාවට රැවටුණා ද?

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මුවාවෙන් පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම් සිදු කෙරෙන බවට චෝදනා මතුව තිබෙනවා.

Read More »