උද්ධමනය සියයට 3.3 දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂාවක්

ඉදිරි මාස 12ක කාලසීමාව තුල ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ක්‍රමයෙන් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ලොව පවතින ආර්ථික අර්බුද හමුවේ ඔස්ට්‍රේලියාව ඇතුලු සංවර්ධිත රාජ්‍යයන් රැසකට මෙම වසර ආර්ථික අවදානමක් සහිත වසරක් වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

2024 වසරට අදාළව එක්සත් ජාතීන්ගේ සංගමය විසින් නිකුත් කළ ලෝක ආර්ථික තත්ත්වය සහ අපේක්ෂා වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ නිවාස මිල ඉහල යෑම රටේ උද්ධමනය කෙරෙහි වැඩි බලපෑමක් ඇති කරන බවයි.

ඔස්ට්‍රේලියා පාරිභෝගික මිල  දර්ශකට අනුව 2024 වසර වන විට උද්ධමනය සියයට 3.3 දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කරන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකථනය කර ඇත්තේ 2025 වසර වන විට මෙරට උද්ධමනය සියයට 3 දක්වා පහළ යන බවයි.

කෙසේ වෙතත් නිවාස සඳහා ඇති ඉල්ලුම මෙම වසර තුළ තවදුරටත් ඉහළ යනු ඇති බව එම වාර්තා මඟින් පෙන්වා දි තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »