පිරිසිදු බලශක්තියට කාන්තාවන්

පිරිසිදු බලශක්ති ක්ෂේත්‍රයට කාන්තාවන් බඳවා ගැනීමට ඔස්ට්‍රේලියා රජය සැලසුම් කර තිබෙනවා.

2030 වනවිට පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සේවක හිඟය හේතුවෙන් අභියෝගයක් බවයි රජය පවසන්නේ.

ඒ නිසා කාන්තාවන් ක්ෂේත්‍රයට සම්බන්ධ කර ගනිමින් සේවා අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට පියවර ගැනෙනවා.

කුසලතාවන් සහිත කාන්තාවන් කෙරෙහි අවධානය යොමුව ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ.

සේවා වෘත්තීය සමිති කියාසිටියේ, විදුලි කාර්මික ශිල්පීන් 32,000 ක් හෝ ආධුනික සේවකයන් 20,000 ක් ඉදිරි වසර තුන ඇතුළත ක්ෂේත්‍රයට අවශ්‍ය බවයි. 

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »