ශ්‍රී ලාංකික​ විදේශ ශ්‍රමිකයන්ගේ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරීමට පහසුකම් සැලසේ!

ශ්‍රී ලාංකික​ විදේශ ශ්‍රමිකයන්ගේ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරීමට පහසුකම් සැලසේ!

ශ්‍රී ලාංකික​ විදේශ ශ්‍රමිකයන්ගේ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරීමට පහසුකම් සලසා තිබෙනවා.

ඒ අනුව, විදේශගත ශ්‍රමිකයාට හෝ ඔහුගේ පවුලේ ඥාතියෙකුට අදාළ විදේශගත ශ්‍රමිකයාගේ පැමිණිල්ල විදේශ සේවා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස online මෙනුව හරහා යොමුකළ හැකියි.

මෙහිදී විදේශගත ශ්‍රමිකයාගේ ගමන් බලපත්‍ර අංකය, නම, දුරකථන අංකය හා පැමිණිල්ල ඇතුළත් කිරීමෙන් මෙම සේවාව ලබාගත හැකි අතර, පැමිණිලිකරුට යොමු අංකයක් ඒ මොහොතේදීම තම ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් මගින් ලැබෙන බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ.

පසුව අදාළ පැමිණිල්ල කාර්යාංශයේ නියමිත අංශයට යොමුවූ පසු, ඒ බව දන්වා නැවත ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබෙන බව සඳහන්.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »