කටාර් තීරණය සම්බන්ධයෙන් විමර්ශන

කටාර් ගුවන් සේවයේ අමතර ගුවන් වාර ප්‍රතික්ෂේප කිරීමට ෆෙඩරල් රජය විසින් ගත් තීරණය සම්බන්ධයෙන් යළිත් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අදාළ යෝජනා ප්‍රතික්ෂේප කිරීමට ෆෙඩරල් රජයට ක්වන්ටාස් ගුවන් සේවය විසින් බලපෑම් කර ඇති බවට අවස්ථා කිහිපයකදී ම චෝදනා මතුවුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සඳහන් කර ඇත්තේ ෆෙඩරල් රජයට කිසිඳු බලපෑමක් ක්වන්ටාස් සමාගමින් සිදු නොවු බවයි.

අදාළ යෝජනා ප්‍රතික්ෂේප කිරීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ක්වන්ටාස්  ප්‍රධානී ඇලන් ජොයිස් සමග රහසිතග සාකච්ඡාවක් පැවති බවට චෝදනා මතුව තිබෙනවා.

අග්‍රාමාත්‍ය වරයා සහ හිටපු ක්වන්ටාස්  ප්‍රධානීයා සමග සිදුකළ සාකච්ඡා සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැයි විපක්ෂය, අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ක්වන්ටාස් සමාගම සමග ද්වි පාර්ශික සාකච්ඡා පැවතිය ද අමතර ගුවන් වාර ප්‍රතික්ෂේප කිරීමට කිසිඳු බාහිර බලපැමක් සිදු නොවු බවයි.

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »