බැගී ග්‍රීන් නැවත ඩේවිඩ් වෝනර්ට

බැගී ග්‍රීන් හිස්වැසුම නැවත ලැබුණු බව ඔස්ට්‍රේලියා පිතිකරු ඩේවිඩ් වෝනර් පවසනවා.

මෙල්බන් සිට සිඩ්නි අතරදී ඔහුගේ හිස්වැසුම අස්ථාන ගතවූ බවත් එය ආපසු ලබා දෙන ලෙසත් වෝනර් ඉල්ලා සිටියා.

පාකිස්ථාන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දින දෙකකට පසු එය නැවත ඔහු වෙත ලැබී ඇති බවයි ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයක් මගින් වෝනර් පෙන්වා දී තිබෙන්නේ.

එය සොයාදීමට මැදිහත් වූ පාර්ශව වෙත ස්තූතිය පලකරන බවත්, හිස්වැසුම ඕනෑම ක්‍රීඩකයෙකුට වටිනා සිහිවටනයකි බවත් ඔහු සඳහන් කළා.

ඩේවිඩ් වෝනර් පාකිස්ථානය සමග දැන් පැවැත්වෙන තරගයෙන් පසු සමුගන්නා අතර, එක්දින පිටියෙන්ද ඔහු ඉවත්වීමට තීරණය කළා.

 

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »