සහන යෝජනා ප්‍රායෝගික නොවන බවට චෝදනා

ජීවන වියදම හමුවේ පීඩා විදින ඔස්ට්‍රේලියානුවන්ට විරැකියා ප්‍රතිලාභ සහ විශ්‍රාම වැටුප් වැඩිකිරීමට ෆෙඩරල් රජය ගෙන ඇති යෝජනා සාධනීය විසඳුම් නොවන බව ආර්ථික විශේෂඥයින් පවසනවා.

එම සහන උද්ධමනය පාලනය කිරීම සඳහා තිරසර නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මැයි මස නිකුත් කිරීමට නියමිත අයවැය මගින් ජනතාවට සහන රැසක් ලබාදීමට භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ප්‍රකාශ කළා.

මෙම මූල්‍ය වර්ෂයේ අයවැය අතිරික්තයක් පෙන්නුම් කරන අතර ඔස්ට්‍රේලියානුවන්ට දැනටමත් ලබා දෙන ජීවන වියදම් ආධාරය සඳහා වෙන්කළ මුදල ඩොලර් බිලියන 23 ක්.

ජීවන වියදම් පාලනය සඳහා පසුගිය වසරේ ක්‍රියාත්මක කළ ඇතැම් ක්‍රියාවන් මෙම වසර තුළ ද දීර්ඝකාලිනව සිදු කිරීමෙන් නිසි විසඳුම් ලබා ගත නොහැකි බව විචාරකයින් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් උද්ධමනය සමතුලිතව පවත්වාගනිමින් ජීවන වියදම හමුවේ පීඩා විදින ජනතාවට පහසුකම් සැපයීමට අදාළ තිරසර විසඳුම් අත්‍යවශ්‍ය බවයි ආර්ථික විශේෂඥයින් පවසන්නේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »