ඔස්ට්‍රේලියාවේ සූර්ය බලශක්තියට යොමුවක්

ඔස්ට්‍රේලියා ජාතිකයන් සූර්යය බලශක්තිය භාවිතයට වැඩි වශයෙන් යොමුව තිබෙනවා. 

අවසන් කාර්තුවේදී මෙගාවොට් නවසීය විසි එකක ධාරිතාවක් සහිත විදුලි පද්ධති ඔවුන් සවි කරගෙන ඇති බවයි අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ. 

ඒ අනුව දෙදහස් විසිතුන වසරේදී ගිගාවොට් 3 යි දශම 1 යි 7 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කළ හැකි සූර්ය කෝෂ ඔස්ට්‍රේලියාවේ භාවිතයට ගෙන තිබෙනවා.

එය වසර 2022 කට සාපේක්ෂව සියයට 14 ක වැඩි වීමක් බවයි සූර්යය කෝෂ දත්ත නිරීක්‍ෂණ සන් විස් ( SunWiz ) ආයතනය පවසන්නේ.

මේ වසරේදී සූර්යයා කෝෂ වලට ඇති ඉල්ලුම තවත් වැඩිවනු ඇතැයි ආයතන කළමනාකාර අධ්‍යක්ෂ වෝවික් ජොන්ස්ටන් පෙන්වා දෙනවා.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »