Search

2023 දී මෝටර් රථ ලක්ෂ 12 ක අලෙවියක්

ඔස්ට්‍රේලියා ජාතිකයන් පසුගිය වසරේදී මෝටර් රථ ලක්‍ෂ දොළහකට වැඩි සංඛ්‍යාවක් මිලදී ගෙන ඇතැයි හෙළිව තිබෙනවා.

ෆෙඩරල් චේම්බර් ඔෆ් ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රීස් කියා සිටින්නේ, එය මෑත ඉතිහාසයේ වසරකදී අලෙවි වූ වැඩිම මෝටර් රථ සංඛ්‍යාව බවයි. 

2020 දී මෝටර් රථ අලෙවිය ලක්‍ෂ දහයට වඩා අඩු වී තිබූ බවත් සඳහන්.

එහෙත් ඉන් පසු ඔස්ට්‍රේලියා ජාතිකයන් රථවාහන භාවිතයට වැඩි වශයෙන් යොමුව ඇති බවයි චේම්බර්හි ප්‍රධාන විධායක ටෝනි වෙබර් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් ජනතාවගේ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව පසුගිය වසරේ දී අඩුව තිබෙන්නේ අවස්ථා දහතුනකදී පොලි අනුපාත වැඩි කිරීම හේතුවෙන්.

එවැනි තත්ත්වයකදී වුවද මෝටර් රථ මිලදී ගැනීමට ජනතාව යොමුවීම විශේෂිත තත්වයක් බවයි ඔවුන්ගේ අදහස.

Ford ranger රථය වැඩිම ජනප්‍රියතාවක් හිමිකරගත් මෝටර් රථය බවට පත්ව තිබෙන්නේ Toyota Hilux  රථය ඉක්මවා යමින්.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »