විෂ මැඩියෙක් මෙල්බන්වලින්

විෂ සහිත මැඩියෙකු මෙල්බන් ආශ්‍රිත ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

ඒෂියන් බ්ලැක් ස්පයින්ඩ් ටෝඩ් ලෙස හැඳින්වෙන මැඩියා අග්නිගික ආසියාවේ බාලි, තායිලන්තය සහ පැපුවා නිව්ගිනියා රාජ්‍යයේ ව්‍යාප්තව සිටින බවයි වාර්තා වෙන්නේ.

වික්ටෝරියා කෘෂිකර්ම ජෛව ආරක්‍ෂණ ඒකකයේ කළමනාකරු ඇඩම් කේ සඳහන් කරන්නේ වසර 1999 න් පසු මෙම විෂ සහිත මැඩියන් 18 දෙනෙකු ප්‍රාන්තයෙන් සොයාගෙන ඇති බවයි. 

සුරතල් සතුන්ට මාරාන්තික විෂ සහිත මැඩියා නිසා මිනිසුන්ට විවිධ ආසාත්මිකතා ඇතිවිය හැකි බවයි හෙළිව තිබෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ ජෛව පද්ධතියට මැඩියා හානියක් බවට පත් වන්නේ ශීඝ්‍ර ව්‍යාප්තියක් තිබීම හේතුවෙන්. 

ඒ නිසා විෂ සහිත මැඩියා දුටුවහොත් දැනුවත් කරන්නැයි ඇඩම් කේ වික්ටෝරියා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »

කවුරුත් නොදන්න වෛරස් ආසාදනයක් ගැන දැනුවත් කිරීමක්

වේදනාකාරී කුෂ්ට ඇතිකරන වෛරස් ආසාදනයක් වන ශිංගල්ස් (Shingles) පිළිබඳ ඔස්ට්‍රේලියානුවන්ගේ දැනුවත්භාවය අවම බව නවතම සමීක්ෂණයකදී හෙළිව තිබෙනවා.

Read More »