වික්ටෝරියා නව බදු ක්‍රමයෙන් ඩොලර් බිලියනයක්

වික්ටෝරියා හි හඳුන්වා දුන් නව දේපළ බදු ක්‍රමය හේතුවෙන් ඩොලර් බිලියනයක් අතිරේකව ලැබෙනු ඇතැයි මත පලවෙනවා.

කොවිඩ් ණය ගෙවීම සඳහා බදු මුදල පැනවූ බවයි වික්ටෝරියා ප්‍රාන්ත රජය සඳහන් කළේ.

එය ආයෝජන සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දේපළ හිමිකරුවන්ට, විවේක නිවාස පවත්වාගෙන යන්නන්ට සහ අතිරේක නිවාස හිමියන්ට බලපාන බවයි වාර්තා වෙන්නේ. 

ඒ අනුව ලක්ෂ අටකට වැඩි පිරිසක් නව බදු මුදල ගෙවිය යුතු වන බවයි සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ.

ඉදිරි වසර 10 ක කාලයක් සඳහා අතිරේක බදු මුදල ඩොලර් 1000 ක් දක්වා වූ උපරිමයකට යටත්ව ගෙවීමට වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට සිදුවෙනවා. 

එය ඩොලර් බිලියන 32 ක කොවිඩ් ණය ගෙවීමට යොදාගන්නා බවයි වික්ටෝරියා රජය පවසන්නේ.

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »