ආරක්ෂක අංශ වෙනුවෙන් ඩොලර් මිලියන 400 ක්

ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශ වෙනුවෙන් ඩොලර් මිලියන 400 ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ලෝකයේ පවතින තත්ත්වය මත  ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අංශ ශක්තිමත් කිරීම වැදගත් බවයි අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ අදහස වන්නේ.

ඒ අනුව ආරක්ෂක අංශ සේවයෙන් ඉවත්ව යාමට සූදානම් වන සාමාජිකයන් රඳවා තබා ගැනීම සඳහා ප්‍රසාද දීමනා ලබාදීමට රජය සැලසුම් කර තිබෙනවා.

720 කට වැඩි පිරිසක් විශ්‍රාම යාමට නියමිත අතර ඔවුන් තවත් වසර තුනක් සේවයේ යෙදී සිටින්නේ නම් ඔස්ට්‍රේලියා ඩොලර් පනස් දහසක ප්‍රසාද මුදලක් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම වැඩ පිළිවෙළ  වසර හතරක කාලයක් ක්‍රියාවට නැංවීමයි ඔස්ට්‍රේලියා රජයේ අපේක්ෂාව වී තිබෙන්නේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »