
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වය ධනංජය ද සිල්වා වෙත පැවරීමට නව තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ 18 වන ටෙස්ට් නායකයා බවට ඔහු පත්වනු ඇති.
මෙතෙක් නායකත්වය හිමිව තිබුණේ වමත් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට.

ඔහු යටතේ ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 30 කට ක්‍රීඩා කළ අතර තරග 12 බැගින් ජය හා පරාජය ලැබුවා.
ටෙස්ට් ක්‍රිකට් තරග 51 කට ක්‍රීඩා කර ඇති ධනංජය ද සිල්වා ශතක 10 ක් රැස්කර තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ඔහුගේ දස්කම් ශ්‍රී ලංකාවට වැදගත් බවයි තේරීම් කමිටුව පවසන්නේ.