Search

වොල්වෝ වාහන 100 ක් ආපසු කැඳවීමට පියවර

 

ආසන පටි දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ අලෙවි කල Volvo වර්ගයේ මෝටර් රථ 100කට අධික ප්‍රමාණයක් ආපසු කැඳවා තිබෙනවා.

මෙලෙස කැඳවා ඇත්තේ 2015 සිට 2023 වසර දක්වා කාලයේ නිෂ්පාදනය කරන ලද Volvo XC90 SUVs මෝටර් රථයි.

ආසන පට පැලදීමෙන් අපේක්ෂිත ආරක්ෂාව නොලැබීම අනුව සමාගම එම වාහන ආපසු කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ.

ආසන පටි පද්ධතියේ වු දෝෂ හේතුවෙන් වාහනයේ ගමන් ගන්නා මගීන්ට අවදානමක් පවතින අතර යම් සුලු අනතුරකදී වුවද ජීවිත හානි සිදුවිය හැකි බව සඳහන්.

පාරිභෝගිකයින් මෝටර් රථයට අදාළ VIN අංකය Volvo වෙබ්අඩවිය වෙත ගොස් පරීක්ෂා කිරීමෙන් මෝටර් රථය දෝෂ සහිත ද යන්න හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා.

Volvo සමාගම මේ වන විටත් අදාළ වාහන මිලදී ගත් හිමිකරුවන් වෙත ලිඛිතව දැනුම් දී ඇති අතර ලඟම ඇති අලෙවි නියෝජිතයකු සමග සම්බන්ධ වී නොමිලේම මෝටර් රථය අලුත්වැඩියා කර ගැනීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා යන දුරකතනය ඔස්සේ Volvo පාරිභෝගික සේවා මධ්‍යස්ථානය හා සම්බන්ධ විය හැකියි.