වික්ටෝරියාහි සැත්කම් සඳහා නව මධ්‍යස්ථාන

සැත්කම් ආශ්‍රිත සෞඛ්‍ය සේවා වර්ධනය කිරීමේ ක්‍රමයක් සකසා ඇතැයි වික්ටෝරියා සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

විවිධ සැත්කම් සඳහා රෝගීන්ට පොරොත්තු ලේඛනවල රැඳී සිටීමටයි, සිදුව තිබුණේ.

ඊට අවධානය යොමුකර හදිසි සැත්කම් ක්‍රියාත්මක කළ හැකි නව මධ්‍යස්ථාන 3 ක් ස්ථාපනය කර තිබෙනවා.

ඒ අනුව වාර්ෂික සැත්කම් සංඛ්‍යාව 2,40,000 දක්වා වැඩි කළ හැකි බවයි වික්ටෝරියා සෞඛ්‍ය අමාත්‍ය මේරි ඈන් තෝමස් පෙන්වා දෙන්නේ.

නව මධ්‍යස්ථාන ආශ්‍රිතව සරල සැත්කම් කඩිනමින් සිදුකිරීමේ සැලසුම් සකසා තිබෙනවා.

ඉදිරියේදී තවත් සැත්කම් මධ්‍යස්ථාන කිහිපයක් වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටුවන බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කරන්නේ.

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »