ඉලෙක්ට්‍රික් රථ භාවිතය ඉහළට

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රික් මෝටර් රථ භාවිතය වැඩිවී තිබෙනවා.

පසුගිය වසරේ දී ඉලෙක්ට්‍රික් මෝටර් රථ 87,000 කට වැඩි සංඛ්‍යාවක් අලෙවි වී තිබෙන බවයි හෙළිව ඇත්තේ. 

එය 2022 අලෙවි වූ ප්‍රමාණය මෙන් තුන් ගුණයක්  බවයි වාර්තා වෙන්නේ. 

නව මෝටර් රථ අලෙවියෙන් සියයට 7 කට වැඩි ප්‍රමාණයක් විද්‍යුත් මෝටර් රථ සඳහා වෙන්වන බව මෝටර් රථ කර්මාන්තයේ අධ්‍යයනවල නිරතවන FCAI ආයතනය පෙන්වා දෙනවා.

මේ වසරේදී විද්‍යුත් මෝටර් රථ අලෙවිය තවත් වැඩිවනු ඇති බවටයි අනාවැකි පළව තිබෙන්නේ. 

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »