නත්තලේදී සියයට 38 ක ණයගැතියන්

ඔස්ට්‍රේලියා ජාතිකයන්ගේ සියයට 38 ක් නත්තල් සමයේදී ණයගැතියන් වී ඇතැයි හෙළිව තිබෙනවා. 

නත්තල සැමරීමට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ඔවුන් භාවිත කර ඇත්තේ ක්‍රෙඩිට් කාඩ් බවයි සඳහන් වෙන්නේ.

ෆයින්ඩර් මනී හි විශේෂඥ ටේලර් බ්ලැක්බර්න් කියාසිටියේ, මෙවර උදා වූයේ වියදම් අධික නත්තලක් බවයි.

එහිදී පාරිභෝගිකයන්ගේ වියදම් රටාව අධ්‍යයනය කර තිබුණා.

නත්තල සඳහා ක්‍රෙඩිට් කාඩ් මගින් වියදම් කළ බොහෝ පිරිසක් කියාසිටියේ ණය මුදල් පියවීම සඳහා මාස 12 ක් පමණ කාලයක් අවශ්‍ය බවයි. 

පවතින ආර්ථික අර්බුදය මෙම තත්වයට හේතුව බවත් බ්ලැක්බර්න් පෙන්වා දෙනවා.

 

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »