හූති ප්‍රහාරවලට ඔස්ට්‍රේලියා විරෝධය

රතු මුහුදේ නෞකාවලට එල්ල කෙරෙන හූති ගරිල්ලන්ගේ ප්‍රහාර ඔස්ට්‍රේලියාව හෙළා දැක තිබෙනවා. 

නිදහස් සංචරණයට හූති ගරිල්ලන්ගේ බාධා ඍජු අභියෝගයක් බවයි ඔස්ට්‍රේලියාවේ විශ්වාසය වෙන්නේ.

ඒ අනුව තවත් රටවල් 12 ක් සමග එක්ව හූති ක්‍රියාකලාපය ඔස්ට්‍රේලියා රජය හෙළා දැක තිබෙනවා.

නාවික, වාණිජ හා මගී නෞකාවලට ද හූති ගරිල්ලන් අවස්ථා කිහිපයකදී ප්‍රහාර එල්ල කළ අතර ඉදිරියේදී ද පහර දෙන බවටයි අනතුරු අඟවා ඇත්තේ. 

අවිහිංසක පුද්ගලයන්ගේ ජීවිතවලට හූති ගරිල්ලන් එල්ල කරන අභියෝගය ජාත්‍යන්තර අර්බුදයක් බවයි රටවල් 12 ඒකාබද්ධ ප්‍රකාශනයෙන් පෙන්වා දෙන්නේ.

ඇමරිකාව, බහරේන්, කැනඩාව, ඩෙන්මාර්ක්, සහ බෙල්ජියම ද ඒකාබද්ධ ප්‍රකාශනයට එක්ව තිබෙනවා.

ජර්මනිය, ඉතාලිය, ජපානය, නවසීලන්තය, සිංගප්පූරුව, නෙදර්ලන්තය සහ එංගලන්තය ද හූති ක්‍රියාකලාපය හෙළා දැක ඇති බවයි සඳහන් වෙන්නේ.

ඔස්ට්‍රේලියාව පැරදූ ඇෆ්ගනිස්ථානයට වාර්තාගත ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේදී ඔස්ට්‍රේලියාවකණ්ඩායම පරදවා ඉතිහාසගත වන ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්වුණා. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද මෙය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළා. Rahmanullah Gurbaz පන්දු 49කින් වේගවත් ලකුණු 60ක් ලබා ගත්තේ 4 පහර 4ක් සහ 6 පහර 4ක් ද සමගින්. Ibrahim

Read More »

T20 ලෝක කුසලානයේදී Pat Cummins ගෙන් යළිත් වාර්තාවක්

2024 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩක පැට් කමින්ස් අද සමත්වුණා.

Read More »

ඔස්ට්‍රේලියානු තරුණයන්ගේ ක්‍රියාවක් නිසා අනාගතය ගැන අවදානමක්

දකුණු ඔස්ට්‍රේලියානු තරුණයින් අතර සාමාන්‍ය දුම් පානය අභිබවා ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඇෆ්ගනිස්ථානයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ super 8 වටයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

NSW පොලිසියට එරෙහිව ජනතාව තීරණයක් ගනී

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පොලිසියට එරෙහිව සාමාන්‍ය ජනතාව විසින් පැමිණිලි 26,000කට වැඩි ප්‍රමාණයක් ගොනු කර ඇති බවට නව දත්ත මගින් හෙළිවී තිබෙනවා.

Read More »