
බටහිර ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ශාක වාණිජමය වශයෙන් කැපීම තහනම් කර තිබෙනවා.
අදාළ තහනම කාරි සහ ජාහ්රා වැනි ශාක වලට බලාත්මක වන අතර එම දැව විවිධ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගැනුණා.
එම ශාක වඩාත් මිල අධික වන අතර පාරිසරික සංරක්ෂණ අරමුණින් තහනම පනවා ඇති බවයි ප්‍රාන්ත බලධාරීන් සඳහන් කර ඇත්තේ.

ඒ අනුව බටහිර ඔස්ට්‍රේලියාවේ ස්වදේශික දැව කර්මාන්ත හිමියන් තම කර්මාන්ත සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.
අදාළ සේවාවන්හි රැකියාවල නියුතු වුවන් මේ වන විට වෙනත් රැකියා සඳහා යොමුවීමට දිරිමත් කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් තහනම බටහිර ඔස්ට්‍රේලියා කලාපයන්ගෙන් පිටත සිදු කෙරෙන ආකාරය පිළිබඳ මෙතෙක් තීරණයක් නැහැ.