2025 දී ෆෙඩරල් මැතිවරණයක්

2024 වසරේ ෆෙඩරල් මැතිවරණයක් පැවැත්වීමට කිසිදු අවස්ථාවක් නොමැති බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සිව් වසරක ධූරකාලයක් සඳහා තමන් සූදානම් බවයි.

යළිත් ෆෙඩරල් මැතිවරණයක් පැවැත්වීමට දින නියම වී ඇත්තේ 2025 වසරේ මැයි මාසයේ දීයි.

ඒ අනුව 2022 වසරේ මැයි මස අග්‍රාමාත්‍යධූරයට පත් ඇන්තනී ඇල්බනීස්ගේ ධූරකාලය වසර 3කට සීමා වනු ඇති.

අග්‍රාමාත්‍ය ධූරකාලය වසර 4ක් සම්පූර්ණවීමට පෙර මැතිවරණයක් පැවැත්විමට ගැටලු සහගත බවයි අග්‍රාමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ප්‍රාන්ත සහ ප්‍රදේශ වල මැතිවරණ සඳහා නියමිත කාලසීමාවක් පැවතිය ද ෆෙඩරල් මැතිවරණය සඳහා එවැනි නිශ්චිත කාලසිමාවක් නොමැති විම කණගාටුවට කරුණක් බව ඇන්තනී ඇල්බනීස් අවධාරණය කර තිබෙනවා.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »