විරැකියාව තවදුරටත් ඉහළට

2024 වසරේ ඔස්ට්‍රේලියාවේ විරැකියා මට්ටම තවදුරටත් ඉහළ යනු ඇතැයි අනාවැකි පලකර තිබෙනවා.

විරැකියාව ඉහළ ගිය ද දැනට පවතින රැකියාවන්ගේ කප්පාදු සිදු නොවන බව සඳහන්.

ඒ අනුව මෙම වසරේ විරැකියා අගය සියයට 4 ක අගයක් ගැනෙනු ඇති අතර වසර අවසන් වන විට එම අගය සියයට 4.2ක් දක්වා ඉහළ යනු ඇති. 

ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ  රැකියා වර්ධනය අඛණ්ඩව මන්දගාමී ස්වභාවයක් ගන්නා අතර රැකියා සඳහා ඉල්ලුම්කරන්නන්ගේ අගය තවදුරටත් වැඩි වන බවයි

මෙම වසරේ කම්කරු රැකියා වෙළඳපලෙහි පහත වැටීමක් සිදු නොවන බව සඳහන් වන අතර රැකියා මාරුවක් සිදු කිරීමට අපේක්ෂිත පුද්ගලයන්හට සුබදායි පණිවුඩයක් වනු ඇති.

කෙසේ වෙතත් 2024 වසර වැටුප් වර්ධනයක් පෙන්නුම් නොකරන බව ද ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.

ෆෙඩරල් රිසර්ව් බැංකුව පවසන්නේ වැටුප් මිල දර්ශක අගය 2023 දෙසැම්බර් මස සියයට 4 සිට 2024 වසර අවසානය වන විට සියයට 3.7 දක්වා අඩු වනු ඇති බවයි.

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල්වල විශේෂ වට්ටම් ගන්න ගිහින් ඔබත් මේ වංචාවට රැවටුණා ද?

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මුවාවෙන් පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම් සිදු කෙරෙන බවට චෝදනා මතුව තිබෙනවා.

Read More »

සිරුරේ අවයව නාඳුනන පුද්ගලයන්ට දෙන ඔස්ට්‍රේලියානුවන්ගේ පරිත්‍යාගශීලීත්වය

පසුගිය 2023 වසරේ වාර්තාගත ඔස්ට්‍රේලියානුවන් පිරිසක් තම වකුගඩු නාඳුනන පුද්ගලයින්ට ලබාදී ඇතැයි නවතම සමීක්ෂණ වාර්තාවලින් අනාවරණ වී තිබෙනවා.

Read More »