Search

ජාත්‍යන්තර සබඳතා පුලුල් කිරීමට ඔස්ට්‍රේලියාව සූදානම්

නව වසර තුළ ජාත්‍යන්තර සබඳතා පුලුල් කිරීමට ෆෙඩරල් රජය සූදානම් බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

පැසිෆික් කලාපීය සහයෝගීතාව ඇතුලු ජාත්‍යන්තර ප්‍රජාව අතර සුහඳතාව වර්ධනය කිරීම එහි අරමුණ බව සඳහන්.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමට ප්‍රතිපත්ති සැළසුම් කරන බවයි.

විශේෂයෙන් ඔස්ට්‍රේලියාව සහ චීනය සමඟ පවතින ද්විපාර්ශවීක සබඳතා පුලුල් කරගැනීම කෙරෙහි ද අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙනවා.

චීනය සමඟ පෙර පැවති වෙළඳ සම්බාධක හේතුවෙන් ඔස්ට්‍රේලියාවට සිදුවු පාඩුව ඩොලර් බිලියන 20ක්.

මස් අපනයනය ඇතුලු ක්ෂේත්‍ර කිහිපයක ගැටලු පැවති අතර මෙම වසරේ දී එම ගැටලු සමතයකට පත් කරමින් ජාත්‍යන්තර සබඳතා තවදුරටත් පුලුල් වනු ඇතැයි අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් එහිදි සඳහන් කළා.

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »