ලොව විද්‍යුත් රථවාහන අතර ප්‍රමුඛයා BYD

ලොව ප්‍රමුඛතම ඉලෙක්ට්‍රික් මෝටර් රථ නිෂ්පාදන සමාගම බවට චීනයේ BYD සමාගම පත්ව තිබෙනවා.

පසුගිය වසරේ අවසන් කාර්තුවේදී වැඩිම අලෙවිය සහිත විද්‍යුත් මෝටර් රථ නිපදවා ඇත්තේ BYD සමාගම.

ඒ අනුව එය ටෙස්ලා ඉක්මවා ගොස් ඇතැයි ඇමරිකා කොටස් වෙළඳපළ වාර්තා පෙන්වා දෙනවා.

BYD ඉලෙක්ට්‍රික් මෝටර් රථ 5,25,000 කට මදක් වැඩි ප්‍රමාණයක් පසුගිය වසරේ අවසන් මාස තුනේදී අලෙවි කෙරුණා.

ටෙස්ලා හි අලෙවි වී ඇත්තේ මෝටර් රථ 4,85,000 කට ආසන්න සංඛ්‍යාවක් පමණයි. 

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »