ඉරාක යුද තොරතුරු වාර්තා ජනතාවට

ඉරාකයට එරෙහි යුද්ධයට ඔස්ට්‍රේලියාව සම්බන්ධ වීම පිළිබඳව ජනතාවගේ දැනගැනීමේ අයිතිය තහවුරු කළ යුතු බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසනවා. 

ඒ සඳහා කැබිනට් තීරණ සම්බන්ධ ලේඛන ප්‍රකාශයට පත් කළ යුතු බවයි ඔහුගේ අදහස. 

ඉරාක යුද්ධය සම්බන්ධ කැබිනට් තීරණ සහිත වාර්තා 78 ක්  ප්‍රකාශයට පත් කර නොමැති බවයි සඳහන් වෙන්නේ.

ඒවා දැන ගැනීමේ අයිතිය ජනතාවට ඇති බවයි ඇල්බනීස් සඳහන් කරන්නේ. 

ඉරාක ප්‍රහාරය සම්බන්ධයෙන් තීරණ ගනු ලැබූ වසර දෙදහස් තුනෙහි ආරක්ෂක අමාත්‍ය ලෙස සිටි රොබට් හිල් කියා සිටින්නේ තීරණය ජනතාවගෙන් සැඟවීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රටවල් කිහිපයක් සමූහ ඝාතක අවි සහ වෙනත් සාධක මත ඉරාකයට එරෙහි යුද්ධයකට එළඹි බවයි.

එහෙත් එය වැරදි සහගත තීන්දුවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. 

ඔස්ට්‍රේලියාවද යුද්ධයට සම්බන්ධවීමෙන් ඔස්ට්‍රේලියා ජාතිකයන් ගණනාවකගේ අහිමි වූ බවත් එම වරද නිවැරදි කිරීමේ වගකීම ඔස්ට්‍රේලියාවට ඇති බවත් ඇල්බනිස් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »