Search

ජපාන ගුවන් යානයේ ඔස්ට්‍රේලියාවේ 12 ක්

ජපානයේදී අනතුරට ලක් වූ ගුවන් යානයෙහි ඔස්ට්‍රේලියා ජාතිකයන් දොළොස් දෙනෙකු සිටි බව හෙළිව තිබෙනවා.

එහෙත් ඔවුන්ට කිසිදු ගැටළුවක් නැති බවයි සඳහන් වෙන්නේ.

මගී ප්‍රවාහන ගුවන් යානය හෙනඩා ගුවන් තොටුපලට පිවිසීමත් සමග වෙරළාරක්ෂක ගුවන් යානයක  ගැටීමෙන් අනතුර සිදු වුණා.

ගිනි ගැනීමට ලක් වූ යානයෙහි සිටි තුන්සිය හැත්තෑ නව දෙනා  බරපතළ ගැටලුවකින් තොරව මුදා ගැනීමට ජපානයේ ගුවන් තොටුපළ  ආශ්‍රිත මෙහෙයුම් කණ්ඩායම් සමත් වුණා. 

දාහතර දෙනකු පමණ සුළු තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

වෙරළාරක්ෂක ගුවන් යානයෙහි සිටි මගීන් පස් දෙනෙක් අනතුරෙන් මිය ගියා. එහි නියමුවා බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කර ඇති බවයි ජපානය පවසන්නේ. 

මූලික පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ වෙරළාරක්ෂකයානයට ගුවන් ගතවීමට සහ මගී ප්‍රවාහන යානයට ගුවන් තොටුපළට ගොඩ බැස්වීමට අවසරය ලබා දී තිබූ බවයි.

ඒ අනුව සිදුවීම සම්බන්ධ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි ජපානය සඳහන් කරන්නේ.