රෝගීන් තුළ ඉන්සියුලින් නිෂ්පාදන අත්හදා බැලීමක්

දියවැඩියාව පාලනය සඳහා රෝගීන් තුළ ඉන්සියුලින් නිෂ්පාදනය සඳහා නවතම අත්හදා බැලීමක් මෙල්බන් පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කර තිබෙනවා.

දැනට දිගවැඩියා රෝගය පාලන සඳහා ඉන්සියුලින් එන්නත් කෙරෙන අතර ශරිරය තුලින්ම ඉන්සියුලින් නිෂ්පාදනය කිරීම මෙහි අරමුණයි.

දියවැඩියාව තුළින් අග්න්‍යාශට බලපෑම් සිදුවන අතර හානීයට පත් අග්න්‍යාශ සෛල තුළින් ඉන්සියුලින් ප්‍රතිජනනය කළ හැකි ඖෂධ දෙකක් සොයා ගැනීමට පර්යේෂකයින් සමත්ව තිබෙනවා.

මෙම ඖෂධ ඉන්සියුලින් මත යැපෙන රෝගීන් සඳහා වඩාත් සාර්ථක වන අතර අනෙක් දියවැඩියා රෝගීන් සඳහා සියයට 30ක බලපෑමක් සිදුවනු ඇති.

මේ අතර අදාළ ඖෂධය ඇමරිකා එක්සත් ජනපදයේ අනුමත පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ඖෂධයක් වන අතර ඖෂධය ලබා ගැනීමෙන් පැය 48 වැනි කාලයක් තුළ ශරීරයට අවශ්‍ය ඉන්සියුලින් නිපදවෙන බවයි පර්යේෂකයන් පවසන්නේ. 

දියවැඩියා ප්‍රතිකාර සඳහා දැනට පවතින ඖෂධ මඟින් රුධිර ග්ලූකෝස් මට්ටම පාලනය කරන නමුත් ශරීරයට අවශ්‍ය ඉන්සියුලින් නිෂ්පාදනයක් සිදුවන්නේ නැහැ.

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »