
ජපානයේ ගුවන් යානයක් හනෙඩා ගුවන්තොටුපලට ගොඩ බස්වන අවස්ථාවේදී ගිනිගෙන තිබෙනවා.
එය ජපාන වෙරලාරක්ෂක ගුවන් යානයක් සමග ගැටී ඇති බවයි සඳහන් වන්නේ.
අනතුර සිදුවන විට ගුවන් යානයේ සිටි තුන්සිය හැත්තෑ නව දෙනෙකු ගලවා ගැනීමට ජපානයට හැකිව තිබෙනවා.

ඒ අතර මගීන් සහ ගුවන් යානයේ කාර්ය මණ්ඩලයද වන බවයි නවතම වාර්තා සඳහන් කරන්නේ.
ගිනි නිවන හමුදාව සහ ගුවන් තොටුපළ ගිනිනිවීම් ඒකකය එක්ව ගින්න මැඩ පැවැත්වීමට උත්සාහ කළද ගුවන් යානය සම්පූර්ණයෙන්ම ගිනිගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

හේතුවෙන් හනෙඩා ගුවන් තොටුපළෙහි සියලු මෙහෙයුම් නවතා දමා තිබෙනවා.