ඉලෙක්ට්‍රොනික දුම්වැටි විනාශ කිරීමේ මෙහෙයුම්

බලපත්‍ර රහිතව ආනයනය කරන ඉලෙක්ට්‍රොනික දුම්වැටි විනාශ කිරීමේ මෙහෙයුම් ඔස්ට්‍රේලියා දේශසීමා  ආරක්ෂක බලකාය ආරම්භ කර තිබෙනවා.

ජනවාරි පළමුවන දා සිට රට තුළ තනි භාවිත ඉලෙක්ට්‍රොනික දුම්වැටි ආනයනය තහනම් කළ අතර ගෙවුනු පැය 24ක කාලසීමාව තුළ එම මෙහෙයුම් සාර්ථක බවයි එහි ජාතික මෙහෙයුම් නියෝජ්‍ය කොමසාරිස් ටිම් ෆිට්ස්ජෙරල්ඩ් සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් රට තුළ තනි භාවිත ඉලෙක්ට්‍රොනික දුම්වැටි ආනයන තහනම පැනවුව ද නීති විරෝධී ආනයන පාලනය අභියෝගාත්මක බව ඔස්ට්‍රේලියා දේශසීමා  ආරක්ෂක බලකාය පවසනවා.

ඊ-දුම්වැටි සහ ඒවායෙහි අඩංගු නිකොටීන් ප්‍රමාණයන් පිළිබඳ නව රෙගුලාසි මාලාවක්ද මහජන සෞඛ්‍ය උපදේශකයින් විසින් ඉදිරිපත් කර තිබුණා.

ඔස්ට්‍රේලියා දේශසීමා  ආරක්ෂක බලකාය අවධාරණය කර ඇත්තේ නීතිවිරෝධී ආනයනය පාලනය සඳහා මේ වන විටත් සාර්ථක මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »