
ඔස්ට්‍රේලියා ජාතිකයන්ගෙන් සියයට 38 ක් දෙසැම්බර් උත්සව සමයට පෙර ණය ගෙන ඇති බව සමීක්ෂණ මගින් හෙළිව තිබෙනවා
මෙලෙස ලබා ගත් ණය එළඹෙන නත්තල දක්වා ගෙවීමට සිදු වනු ඇතැයි සඳහන්.
සමීක්ෂණයට සහභාගීවුවන් අතුරින් සියයට 15ක් සඳහන් කර ඇත්තේ ලබා ගත් ණය මුදල් මාස 5ක් තුළ ගෙවා නිම කරන බවයි.

තවත් සියයට 5ක් සඳහන් කර ඇත්තේ ලබා ගත් ණය මුදල් මාස 6 සිට 11 දක්වා කාලසිමාව තුළ ගෙවා නිම කරන බවයි.
නත්තල් සමය තුළ ලබා ගත් ණය ගෙවා නිම කිරීමට මාස 12ක් හෝ ඊට වැඩි කාලයක් ගත වන බව සමීක්ෂණයට සහභාගිවුවන්ගෙන් සියයට 3ක් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ණය ලබා ගත් සෑම ඔස්ට්‍රේලියානුවන් 6 දෙනෙකුගෙන් එක් අයෙක් පමණක් ලබා ගත් ණය මසක් ඇතුලත ගෙවා අවසන් කරන බව සඳහන් කිරීම විශේෂත්වයක්.
ණය ලබා ගත් අය අතුරින් වැඩි පිරිසක් තරුණ ප්‍රජාව බව සඳහන්.