තුන්වන ටෙස්ට් තරගයේදී ශහීන් ෂා අෆ්රිඩිට විවේක

ඔස්ට්‍රේලියාවට එරෙහි තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශහීන් ෂා අෆ්රිඩි විවේක ගැන්වීමට පාකිස්ථානය තීරණය කර තිබෙනවා.

ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් ඉවත් කිරීමට ද තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

ප්‍රධාන වේග පන්දු යවන්නා වන අෆ්රිඩි ඉවත් කිරීමෙන් සජිඩ් කාන් කණ්ඩායමට කැඳවීමට හැකි වනු ඇති බවයි පාකිස්ථානය පෙන්වා දෙන්නේ.

සිඩ්නි තණතීරුව දඟ පන්දු යවන්නන්ට යම් වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරනු ඇති බවයි ඔවුන්ගේ විශ්වාසය වී ඇත්තේ.

නායක ෂාන් මසූද් කියා සිටින්නේ ඔස්ට්‍රේලියාවට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීම අපේක්‍ෂාව බවයි.

මේ අතර ඔස්ට්‍රේලියා ප්‍රවේගකාරී ආරම්භක පිරිකරු ඩේවිඩ් වෝනර් අද ඇරඹෙන තරගයෙන් පසු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහු එක් දින පිටියෙන්ද හදිසියේම සමුගැනීමටයි පසුගිය දා තීරණය කළේ.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »