Search

වික්ටෝරියා ප්‍රදේශ කිහිපයකට අයහපත් කාලගුණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට අයහපත් කාලගුණ තත්ත්වයක් බලපා තිබෙනවා.

දැඩි වර්ෂාව සමග අයිස් ද ඇදවැටෙන අතර පැයට කිලෝමීටර් එකසිය හතර ඉක්මවූ සුළං ද තිබූ බවයි වාර්තා වන්නේ.

තත්ත්වය වික්ටෝරියාහි උතුර, මධ්‍යම, උතුරු මැද සහ ගිප්ස්ලන්ඩ් දිස්ත්‍රික්කයටද බලපා ඇති බවයි සඳහන්.

එම ප්‍රදේශවල ජනතාවට නිවෙස් තුළම රැඳී සිටින ලෙසයි කාලගුණ කාර්යාංශය උපදෙස් ලබා දී තිබෙන්නේ.

වික්ටෝරියාහි ප්‍රදේශ කිහිපයක නිවාස හා ව්‍යාපාරික ස්ථාන පනස් දහසකට වැඩි සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇතැයි ද වාර්තා වෙනවා.

මෙල්බන් ගුවන් තොටුපළට ද අයහපත් කාලගුණයෙන් ම බලපෑම් සිදුවීම හේතුවෙන් ගුවන් ගමන් වාර කිහිපයක් කල් දැමීමට සිදුව ඇති බවද සඳහන්.