ජපානයේ දහස් සංඛ්‍යාත පිරිසක් රැඳවුම් මධ්‍යස්ථානවල

ජපානයේ භූ චලනයෙන් පසු හතර දෙනකු මිය ගිය බව සනාථ වී තිබෙනවා.

දහස් සංඛ්‍යාත පිරිසක් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවල රැඳී සිටි බවයි වාර්තා වෙන්නේ.

විශාල පිරිසක් විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලබා ඇති බවද සඳහන්.

රිච්ටර් පරිමාණ ඒකක හතයි දශම හයක භූ චලනයක් ජපානයේ සිදු වුණා.

ඒ සමග සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලද අතර පසුව එහි ප්‍රබලත්වය අඩුවන බවයි ජපානය සඳහන් කර තිබුණේ.

ප්‍රදේශ කිහිපයකට මීටරයකට වැඩි උසින් යුත් මුහුදු රළ පැමිණි බවත් සඳහන්.

නිවාස හා ගොඩනැගිලි රැසකට දැඩි අලාභ හානි සිදුව ඇති අතර නිවාස තිස් හය දහසකට පමණ  විදුලි බලය නොමැති බවයි ජපාන වාර්තා පෙන්වා දෙන්නේ.

මාර්ග කිහිපයක් ආශ්‍රිතව ගමනාගමන බාධා මතුව ඇති අතර ඇතැම් ස්ථානවලට පස් කඳු කඩා වැටී ඇති බව ජපානය පවසනවා.

ජපානයට සහාය දැක්වීම සඳහා දැනටමත් ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය අවධානය යොමු කර ඇති බවයි ජාත්‍යන්තර වාර්තා සඳහන් කරන්නේ

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »