
ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල මේ වසරේ දී ශක්තිමත් වනු ඇතැයි මත පලවෙනවා.
ඔස්ට්‍රේලියා ඩොලරයේ අගය දැනට ස්ථාවර වෙමින් පවතින අතර ඉදිරියේදී අංගය වර්ධනය වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
ඒ අනුව කොටස් වෙළඳපල ශක්තිමත්ව පවතිනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

පසුගිය වසරේ දී වෙනත් රටවලට සාපේක්ෂව ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හි දක්නට ලැබුණේ පසුබෑමක්.
එහෙත් වසර ආරම්භයේදීම වර්ධනයක් සිදුව ඇති බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ.

AMP අනාවැකියට අනුව මේ වසරේදී සියයට 9 ක් වර්ධනයක් ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල අත්පත් කර ගනු ඇති.
ට්‍රිබෙකා කැපිටල් විශ්වාස කරන්නේ වර්ධනය සියයට 10 ක් වන බවයි.
ඔස්ට්‍රේලියා ඩොලරයේ අගය ඇමරිකා සත 75 කට වර්ධනය වීම සමග කොටස් වෙළඳපල අගය ද අනිවාර්යයෙන්ම වැඩිවන බවයි NAB සඳහන් කරන්නේ.