
Sea World හෙලිකොප්ටර් අනතුර සම්බන්ධ වාර්තාව ඉදිරියේදී නිකුත් කරන බවයි ප්‍රවාහන ආරක්‍ෂණ කාර්යාංශය පවසන්නේ.
අතුරු වාර්තාවක් අද ප්‍රකාශයට පත් කෙරුණා.
අතුරු වාර්තාවට අනුව එක් ගුවන් නියමුවෙකු කොකේන් භාවිත කර තිබූ බව හෙළිව තිබෙනවා.

අනතුර සිදුවී අදට වසරක් සම්පූර්ණ වෙනවා.
අනතුර සම්බන්ධව සියලු කරුණු පුළුල්ව අධ්‍යයනය කෙරෙන බවයි සඳහන් වෙන්නේ.

සී වර්ල්ඩ් හෙලිකොප්ටර් යානා දෙකක් ගෝල්ඩ් කෝස්ට් ඉහළ අහසේ දී එකිනෙක ගැටුණා.
ඉන් හතරදෙනෙකු මියගොස් තවත් අටදෙනෙකු තුවාල ලැබූ අතර, අනතුර සිදුවුයේ විශාල පිරිසක් ඉදිරියේ.
ඊට වසරක් පිරෙන අද දින සී වර්ල්ඩ් හෙලිකොප්ටර් කිසිවක් ගුවන් ගත කෙරෙන්නේ නැහැ.