Search

ජාතික නිපුණතා ගිවිසුම යටතේ ඩොලර් බිලියන 3.7 ක්

ජාතික නිපුණතා ගිවිසුම යටතේ ඩොලර් බිලියන තුනයි දශම හතක් වැය කිරීමට සූදානම් බව ඔස්ට්‍රේලියා රජය පවසනවා.

තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන  අවස්ථා ඇතිකිරීම එහි අරමුණයි.

ඒ සඳහා ප්‍රාන්ත සහ ටෙරිටරි සමග ජාතික ගිවිසුමක් නිර්මාණය කෙරෙන බවයි රජය පවසන්නේ.

පස් අවුරුදු සැලැස්මක් යටතේ හදිසි සහ වර්ධනය වන කර්මාන්ත ආශ්‍රිත දැනුම වෙනුවෙන් මූල්‍යාධාර වෙන් කිරීමටයි තීරණය කර ඇත්තේ.

සුපිරිසිදු බලශක්තිය, ජාතික ආරක්ෂක නිෂ්පාදන, ආරක්‍ෂණ සහ සහායක සේවා සමග ඩිජිටල් තාක්ෂණය සම්බන්ධ  අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමටයි අපේක්ෂා කෙරෙන්නේ.

තාක්ෂණික ආයතන, විශ්ව විද්‍යාල සහ කර්මාන්ත ක්ෂේත්‍රය අතර සම්බන්ධතා වර්ධනය කිරීම වෙනුවෙන් විශේෂ මධ්‍යස්ථාන පිහිටුවීමට ද  ඒ යටතේ පියවර ගැනෙනවා.

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පාලන ආයතනය වන Australian Health Practitioner විසින් අනතුරු අඟවා තිබෙනවා.

Read More »