බීමත් රියදුරන් හඳුනා ගැනීමේ මෙහෙයුම්

බීමත් රියදුරන් හඳුනා ගැනීමේ මෙහෙයුම් ඊයේ දිනයේත් ක්‍රියාත්මක කළ බවයි වික්ටෝරියා පොලිසිය පවසන්නේ.

ප්‍රාන්තය පුරා එය ක්‍රියාවට නැංවීම සඳහා පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් යොදවා සිටි බව වාර්තා වෙනවා.

අවුරුදු උදාවත් සමග බීමත් රියදුරන් හතර දෙනකු හඳුනා ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.

මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවූ පහළොස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි වික්ටෝරියා පොලිසිය පවසන්නේ.

මත්පැන් සහ මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා වූ ප්‍රශ්වාස වායු පරීක්ෂණ 3500 කට වැඩි සංඛ්‍යාවක් සිදු කර තිබෙනවා.

සමස්තයක් ලෙස නව වසරේ උදාව ආශ්‍රිත කාලයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ ජනතාව නීතිගරුකව සහ විනයවත්ව හැසිරී ඇති බවයි පොලිස් සහකාර කොමසාරිස් මයික් ග්‍රේන්ජර් පෙන්වා දෙන්නේ.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »