ගාසා හි මියගිය පළමු ඔස්ට්‍රේලියා ජාතිකයා

හමාස් ප්‍රහාරයකින් ඊශ්‍රායල ආරක්ෂක අංශ නියෝජනය කළ ඔස්ට්‍රේලියා ජාතිකයෙක් මිය ගියා. 

දකුණු දිග ගාසා හිදී කැප්ටන් ලයර් සිවන් මියගොස් ඇත්තේ හමාස් සංවිධානය රැක සිට එල්ල කරන ලද ප්‍රහාරයකින් බවයි වාර්තා වෙන්නේ.

ඊශ්‍රායලය සහ හමාස් අතර ගැටුමේදී මියගිය පළමු ඔස්ට්‍රේලියා ජාතිකයා ලෙස ඔහු සටහන් වෙනවා. 

මෙල්බන් හි උපත ලැබීමෙන් පසු ඊශ්‍රායලයට සංක්‍රමණය වී ආරක්ෂක අංශයට සම්බන්ධ වූ කැප්ටන් සිවන් අනාගත බලාපොරොත්තු කිහිපයක් පිළිබඳ මියයාමට පෙර දින අදහස් දැක්වූ බවයි, ඔහුගේ බිරිය කියා සිටින්නේ. 

පසුගිය ඔක්තෝබර් 07 වනදා හමාස් ප්‍රහාරය එල්ලවීමත් සමග මෙහෙයුම්වලට කැඳවන ලද සිවන් ඉදිරි සතියේ උපත ලැබීමට නියමිත දියණිය වෙනුවෙන් නිවාඩු ලබාගැනීමට දින කිහිපයකට පෙර මෙම ප්‍රහාරයට ලක්ව මියගිය බවයි, වාර්තා වෙන්නේ.

 

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »